බෙල්ලන්විල රජමහා විහාරයේදී බෝධි පුජා පිංකමක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත නව ව්‍යාපෘතීන් සදහා ආශීර්වාද ලබාගැනීමත් යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිපත් කර පුණ්‍යානුමෝදනා කිරීම මෙන්ම ආබාධිත නාවික පුද්ගලයින් හට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කොට ගනිමින් බෙල්ලන්විල රජමහා විහාරයේදී විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුලි මස 21 වන දින බෝධි පුජා පිංකමක් පවත්වන ලදී.

26 Jul 2018

ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් පසුගිය ජුලි මස 15 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

18 Jul 2018

සේවා වනිතා හිටපු උප සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද හිටපු උප සභාපතිනිය වන තමරා රොසයිරෝ මහත්මිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුලි 12 වන දින උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

16 Jul 2018

රණවිරු අර්ධ නිවාස ණය ව්‍යාපෘතියේ 22 වන අදියරේ II වන කොටස ක්‍රියාත්මක කෙරේ
 

මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් වූ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සහ අබාධිත වූ රණවිරු පුද්ගලයින් සඳහා අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නාවිකයෙකුට රුපියල් ලක්ෂ තුනක (රු.300,000.00) බැගින් අබාධිත නාවික පුද්ගලයින් 14 දෙනෙකු සඳහා රු. 4,200,000.00 ණය මුදලක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.

13 Jun 2018

සේවා වනිතා පොසොන් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

මෙවර පොසොන් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත නාවික හමුදා සේවා‍ වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය ජුනි මස 04 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

06 Jun 2018

ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ
 

නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අපේක්‍ෂාවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මගපෙන්වීම මත නවීන ක්‍රමවේදයන්ට අනුව අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ පසුගිය මැයි 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

29 May 2018

නාවික හමුදා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට සේවා වනිතා ඒකකයෙන් අත්වැලක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සංකල්පයක් මත යුද්ධයෙන් ආබාධිත නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකුට අත්වැලක් වෙමින් රෝද පුටුවක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ඊයේ (මැයි 08) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සිදු කෙරිණි.

08 May 2018

සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන නාලිකා සේපාලි ගුණවර්ධන මහත්මිය සහ චම්පිකා සරත්සේන මහත්මිය යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 23 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.

02 May 2018

සේවා වනි‍තාවෝ ‍වෙසක් දිනය සැදැහැ සිතින් සමරයි
 

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ වෙසක් ‍උළෙලට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 29 වන දින සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද සව් පැන් දන්සල එදින පස්වරුවේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අතින් විවෘත කරන ලදි.

02 May 2018

සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2018 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් පසුගිය අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍ පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

12 Apr 2018