සේවා වනිතා පොසොන් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

මෙවර පොසොන් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය ජුනි මස 04 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
06 Jun 2018
ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ

නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අපේක්‍ෂාවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මගපෙන්වීම මත නවීන ක්‍රමවේදයන්ට අනුව අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ පසුගිය මැයි 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
29 May 2018
නාවික හමුදා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට සේවා වනිතා ඒකකයෙන් අත්වැලක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සංකල්පයක් මත යුද්ධයෙන් ආබාධිත නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකුට අත්වැලක් වෙමින් රෝද පුටුවක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ඊයේ (මැයි 08) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සිදු කෙරිණි.
08 May 2018
සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන නාලිකා සේපාලි ගුණවර්ධන මහත්මිය සහ චම්පිකා සරත්සේන මහත්මිය යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 23 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.
02 May 2018
සේවා වනිතාවෝ වෙසක් දිනය සැදැහැ සිතින් සමරයි

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ වෙසක් උළෙලට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 29 වන දින සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද සව් පැන් දන්සල එදින පස්වරුවේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අතින් විවෘත කරන ලදි.
02 May 2018
සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2018 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් පසුගිය අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
12 Apr 2018
ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය මාර්තු මස 29 වන දින එම ආයතන ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
03 Apr 2018
සේවා වනිතාවෝ ලෝක කාන්තා දිනය සමරයි

පසුගිය මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
15 Mar 2018
සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන රසාංජලී ඒකනායක, නයනා ද සිල්වා සහ නෙළුම් සේනානායක යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 26 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.
02 Mar 2018
2018 ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබේ

තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ අතින් පසුගිය පෙබරවාරි මස 23 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
26 Feb 2018