සියළු පුවත්

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙහෙයුමකින් හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට,

2020 ජනවාරි 21 වන දින නාවික හමුදාව ‍සහ මන්නාරම, දිසා දූෂණමර්දන ඒකකය එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට ගෙන ඇත....

2020-01-22

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය පිළිබද වැඩසටහනක් සඳහා සරසවි සිසුන් හට නාවික හමුදා සහය.

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමේ අරමුණින් මූලික පුහුණු වැඩසටහනක් 2020 ජනවාරි මස 18 වන දින නාවික හමුදාව සමග එක්ව සිදු කරන ලදි....

2020-01-22

බස් රථයක් තුළ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව 2020 ජනවාරි 22 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ බස් රථයක් තුළ ප්‍රවාහන කළ කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ...

2020-01-22

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා දෙකක් (02) එක්ව ගැඹුරු මුහුදේදී නෞකාවක් අනතුරට පත්වීමෙන් ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම ...

2020-01-22

ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සීමා කළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම සීමා කර ඇති ප්‍රදේශයකදී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ඔවුන්ට අයත් ධීවර ආම්පන්න 2020 ජනවාරි 21 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-01-22

ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නාවික පුද්ගලයින් සඳහා ආපදා කළමණාකරන හා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පැවැත්විය.

තෙදින සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නැව් මුළුව සඳහා 2020 ජනවාරි 21 ගගේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී බලඝණ මූලස්ථානයේදී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ පුහුනු වැඩසටහක් පවත්වන ලදි....

2020-01-22

එරාවුර් කළපුවෙන් නීති විරෝධී ධීවර දැල් දෙකක් (02) සොයා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 20 වන දින එරාවූර් කළපුවේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධි ලෙස යොදා ගනු ලැබූ තහනම් ධීවර දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-01-21

නාවික හමුදා සහයෙන් කෙරළ ගංජා සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 20 වන දින චාවකච්චේරිය, නාවට්කුලිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-21

ලී මෝලක් තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

රාගම, හීන්කෙන්ද මාර්ගයේ පිහිටි ලී මෝලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 ජනවාරි 21) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-01-21

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව අද (2020 ජනවාරි 20) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2020-01-20

ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් (02) නාවික හමුදා ‍මෙහෙයුමකින් සොයා ගැනේ

නාවික හමුදාව සහ මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 ජනවාරි 20) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් සොයා ගැනීමට සමත් වී ඇත. ...

2020-01-20

කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 19 සහ 20 යන දෙදින තුල කින්නියා ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් දෙකක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 516 කට ආසන්න ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ...

2020-01-20

පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් හතරක් (04) නාවික හමුදාව විසින් සොයාගැනේ

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 19 වන දින කෝකිලායි, වල්පාඩුකුඩා වෙරළ තීරයේ සිදුකල මුර සංචාරයකදී වෙරළ තීරයේ සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් 04ක් සොයා ගැනීමට සමත් වී ඇත....

2020-01-20

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 18 සහ 19 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි....

2020-01-19

දේශීය ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 19) සූරියවැව, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි දේශීය ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත....

2020-01-19