නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්රිකුණාමළය ධීවර පරීක්ෂකගේ ද සහාය ඇතිව නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සමග හැඹිලි දැල් 02ක් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා ලදී. ත්රිකුණාමළය මඩ් කෝව් ජැටිය අවට මුහුදේ දී අත්අඩංගුවට ගත් මෙම පිරිස සමග ධීවර යාත්‍රා දෙකක් සහ මාලු කිලෝග්‍රෑම් 310ක් ද අත්අඩංගුවට පත්විය.
11 Dec 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.
09 Dec 2015
නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය සහභාගී විය.
08 Dec 2015
මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පවත්වයි
සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේදී පවත්වයි

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංවිධානය කළ වාර්ෂික සුහද හමුව තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේදී දෙසැම්බර් මස 05 වන දින පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
07 Dec 2015