වැදගත් සිදුවීම්

නීති විරෝධී ක්‍රම යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයේ පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයින්, චලෙයි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැයි මස 07 වන දින සමත් විය.

09 May 2016

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා 9ක් නයිජීරියාවට අලෙවි කෙරේ

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් (9) නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම අද (6) එම පරිශ්‍රයේ දී සිදු කෙරිණි. විදේශ රටකට මෙලෙස යාත්‍රා අලෙවි කළ ප්‍රථම පියවර ලෙස මෙම සුවිශේෂී අවස්ථාව මෙරට නාවික ඉතිහාසයට එක් වනු ඇත.

06 May 2016

“ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ සමස්ථ ශුරතාවය නාවික හමුදාවට
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය (Royal Colombo Yacht Club – RCYC) විසින් සංවිධානය කරනු ලැබූ “ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන් හි ත්‍රිකුණාමළය “Trinco Blu” හෝටලය ඉදිරිපස වෙරළතීරයේ දී පැවැත්විණි.

06 May 2016

සිලාවතුර හා මුල්ලිකුලම් අතර මුහුදු තීරයේ දී කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

සිලාවතුර හා මුල්ලිකුලම් අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී කිලෝග්‍රෑම් 120ක පමණ බරින් යුත් කේරළ ගංජා තොගයක් සමග ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

05 May 2016

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු වලට නාවික හමුදාව සහාය වෙයි

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු පසු ගියදා සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ද සපයන ලදී.

05 May 2016

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටෙහි ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අතිගරු ජීන්-මරින් ස්කූබ් මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

04 May 2016

නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට
 

මන්නාරම, වෙඩිතලතිව් හා මඩ්ඩලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් පස් දෙනෙකු සමග කුඩා ඔරු (වල්ලම්) 5ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (03) උදෑසන සමත් විය.

04 May 2016

රාජකීය විද්‍යාලයෙන් නාවික හමුදාධිපතිතුමන් හට උපහාර
 

කොළඹ, රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට උපහාර පිදීමේ උත්සවයක් අද (3) එම විද්‍යාලයේ දී පැවැත්විණි.

03 May 2016

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ පස්වන අදියර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
 

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 275ක් නොමිළේ බෙදාදීම අද (02) කොළඹ, ජනාධිපති නිල නිවසේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 May 2016

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගැනේ
 

ත්‍රිකුණාමලය, උල්ලක්කේලි කලපු ප්‍රදේශයේ සඟවා තිබූ "ගන් පවුඩර්" වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.6ක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (01) උදෑසන සොයා ගැනීමට සමත් විය.

02 May 2016