වැදගත් සිදුවීම්

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය 2017 ට සමගාමීව භරණ ආයතනයේ රුක් රෝපණයක්
 

2017 ඔක්තෝමබර් 06 වන දින සිට 12 වන දින දක්වා යෙදී ඇති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමීව ඊයේ (ඔක්තෝබර් 05) මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

06 Oct 2017

නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට (බටහිර) අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (ඔක්තෝබර් 05) දින ගජමුතු 08 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Oct 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 04) ඩෙල්ෆ් දුපතට නාවික සැතපුම් 11.8 ක් පමණ බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 04 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

05 Oct 2017

සුහදත්වය වර්ධනය කිරීමේ ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු පූනේ සිංහ සමාජ ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් 02 සහ 03 යන දෙදින පැවති අභියෝගතා කුසලාන 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

04 Oct 2017

මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 5 ක් යළි ඉන්දියාවට භාර දේ
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 5 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම අද (ඔක්තෝබර් 03) සිදු කෙරිණි.

03 Oct 2017

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් ජනතා අයිතියට
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් පසුගිය දින කිහිපය තුළදී ජනතා අයිතියට පත් කෙරිණි.

03 Oct 2017

ඇමරිකානු නාවික නෞකා ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව ත්‍රිකුණාමලය වරායට
 

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise – 2017) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව අද (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

02 Oct 2017

නාවික පෙර පාසල් දරු දැරියන් ලෝක ළමා දිනය සමරයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ මගපෙන්වීම යටතේ, ඔක්තෝබර් මස 01 වන දිනට ‍යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.

02 Oct 2017

නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාව වෙත ලද තොරතුරු අනුව විවිධ නාවික විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් පසුගිය දින කිහිපය තුළදී දිවයි‍නේ විවිධ ප්‍රදේශයන් වල නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Oct 2017

විදේශීය නෞකාවක සේවය කරමින් සිටියදී මියගිය කාර්මිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
 

ඉරානයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ‘MV Gascut’ නම් ගෑස් ප්‍රවාහනය කරනු ලබන නෞකාවක සේවයේ නිරතව සිටියදී හදිසියේ මිය ගිය විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ඔක්තෝබර් 01) කටයුතු කරන ලදී.

02 Oct 2017