වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් 12 වන දින සිට දින 06 ක් පුරා ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර, ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගීවි සිටියහ.

19 Nov 2018

කොළඹ, කොටුව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ කොටුව, කුමාර වීදියේ මහල් වෙළෙඳසැලක ඉහල මාලයේ ඊයේ (නොවැම්බර් 16) හදිසියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සිය දායකත්වය සපයන ලදී.

17 Nov 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

17 Nov 2018

නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී
 

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය නොවැම්බර් මස 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

16 Nov 2018

68 වන නාවික දිනයට සමඟාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
 

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ඊයේ (නොවැම්බර් 13) කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

14 Nov 2018

‘කළු ග‍ඟ’ ජලාශයෙහි සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
 

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් විසින් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟ’ ජලාශයේ ගිලි තිබූ බුල්ඩෝසරයක් ගොඩගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් පසුගිය නොවැම්බර් 09 වන දින ආරම්භ කළ අතර, එම බුල්ඩෝසරය සාර්ථකව ගොඩගැනිමට එම නාවිකයින් කටයුතු කරන ලදී.

14 Nov 2018

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය නිවාස ව්‍යාපෘති රැසකට සිය ශ්‍රම දායකත්වය සපයයි
 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට මෙන්ම සිවිල් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.

14 Nov 2018

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 13) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.

13 Nov 2018

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි
 

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් 1993 නොවැම්බර් 09 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පසුගිය නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

13 Nov 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය.

13 Nov 2018