වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2019

නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

09 Jan 2019

අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව (Asymmetric Warfare Course) ඊයේ (ජනවාරි 07) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

08 Jan 2019

බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් මහතා අද (ජනවාරි 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමුවිය.

08 Jan 2019

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) අත්අඩංගුවට ගැනේ
 

මෙරට මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජනවාරි 07) ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

08 Jan 2019

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව අද (ජනවාරි 07) උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දුපතට ආසන්නයේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

07 Jan 2019

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 07) අළුයම පේදුරුතුඩුව මුහුදු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පලාගොස් ඇත.

07 Jan 2019

අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 07) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

07 Jan 2019

රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා පසුගිය ජනවාරි 01 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රණසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

07 Jan 2019

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය.

07 Jan 2019