වැදගත් සිදුවීම්

ලුතිනන් කොමාණ්ඩර් අතුල බණ්ඩාර ශ්‍රීලංනා‍‍නෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ඊයේ (මාර්තු 26) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (අවි) ධම්මික ජයවර්ධන විසින් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

27 Mar 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) කල්පිටිය, එරුමතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019

ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘සක්සස්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද (මාර්තු 26) ත්‍රිකුණාමලය රවුන්ඩ් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

26 Mar 2019

නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 25) ත්‍රිකුණාමලය, ජයනගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

26 Mar 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් ඊයේ (මාර්තු 25) රාත්‍රියේ සහ අද අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.

26 Mar 2019

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබී ඇත.

26 Mar 2019

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ගාල්ල, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (මාර්තු 25) ගාල්ල නගරයේදී නීති විරෝධී දුම්වැටි 560 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Mar 2019

වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වත්තල නගරයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක පස්වන මාලයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා සහාය ඉල්ලා ඊයේ (මාර්තු 24) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් (02) යැවීමට කටයුකු කෙරිණි.<

25 Mar 2019