වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 24) මඩකළපුව කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

25 Mar 2019

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019 පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී.

25 Mar 2019

නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 09 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (මාර්තු 24) දකුණු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් සමඟ විදේශීය පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට පත්විය.

24 Mar 2019

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී, එයාර් කොමදෝරු රිචඩ් ඔවන් මහතා සහ ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරිණී, කොමාණ්ඩර් ඇනීටා සෙලික් මහත්මිය අද (මාර්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමුවිය.

24 Mar 2019

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

24 Mar 2019

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) ඊයේ (මාර්තු 23) රාත්‍රී කාලයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

24 Mar 2019

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණේ

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’, ‘නිව්කාසල්’, ‘සක්සස්’ සහ ‘පැරමටා’, යන නෞකාවක් 4 ක් අද (මාර්තු 23) උදෑසන දිවයිනට ලගාවිය. ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් කොළඹ වරායට ද ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් ත්‍රිකුණාමලය වරායට ද ලගාවිය.

23 Mar 2019

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදා මූලස්ථානයේ ධර්ම දේශනාමය පිංකමක් පැවැත් විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

22 Mar 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 22) උදෑසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

22 Mar 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

21 Mar 2019