වැදගත් සිදුවීම්

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

06 Jul 2019

මුහුදේ දී ආපදාවට පත් මගීන් පිරිසක් නාවික හමුදාව විසින් බේරාගනී

යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් දස දෙනෙකු (10) බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජූලි 05) රාත්‍රියේදී කටයුතු කර ඇත.

06 Jul 2019

නාවික හමුදාව විසින් නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයෙන් සොයාගනී

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

05 Jul 2019

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 04 වන දින ත්‍රිකුණාමලය, නයාරු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Jul 2019

කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන කොරල් පර නැවත වගා කිරීමේ තවත් ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2019 ජුලි 04 වන දින කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී ආරම්භ කරන ලදී.

05 Jul 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ වැඩසටහන් රැසක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ඒ සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

04 Jul 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Jul 2019

2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය 2019 ජුනි 29 වන දින දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව 2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වන ලදී.

03 Jul 2019

විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2019 ජුලි 02 වන දින කල්පිටිය, වන්නිමුන්දලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

03 Jul 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

02 Jul 2019