වැදගත් සිදුවීම්

මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 24 වන දින තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුව මස් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

25 Apr 2020

නාවික හමුදාව විසින් ‍අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ

අනුරාධපුර රෝහලෙහි ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව විසින් 2020 අප්‍රෙල් 22 වන දින එම රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දීම සිදු කරන ලදි.

24 Apr 2020

මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

24 Apr 2020

මාධ්‍ය නිවේදනය

පසුගිය දිනෙක නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනසිටි සහ ඔහු රාජකාරි සිදුකල කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමඟ ගැවසුනු සියළු පුද්ගලයින් PCR පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

24 Apr 2020

නිරෝධායන කටයුතු අවසන්කල තවත් තිදෙනෙක් (03) බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් තිදෙනෙකු (03) අද (2020 අප්‍රේල් 24) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

24 Apr 2020

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා කිලෝ 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අප්‍රේල් 23 වන දින තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශයන්හි සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගන්නා ලදි.

24 Apr 2020

කඩොලාන ශාක කැපු පුද්ගලයින් තිදෙනක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 23 වන දින මන්නාරම, තිරුකේතීෂ්වරම් කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

24 Apr 2020

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 23 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 11ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

24 Apr 2020

නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිකිරීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී සහ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය සහ අලෙවි කිරීම සිදු කල ස්ථාන තුනක් (03) වටලා එහි තිබී නීති විරෝධී දේශීය මත්පැන් සහ එම මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහ තවත් උපකරණ තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

23 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව, කොළඹ ජාතික රෝහල සහ කොළඹ ප්‍රදේශයේ බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

23 Apr 2020