අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහභාගි විය.
25 Oct 2020
ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර හතරක් (04) ඔස්ට්‍රේලියානු රජය වෙතින් ලබා දෙයි
නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයින් සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලාව 2020 ඔක්තෝබර් 09 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.
16 Oct 2020
ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.
13 Oct 2020
ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ
උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ
නාවික හමුදාව විසින් කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කරයි
රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් අනුරාධපුරයේදී පවත්වන ලද ජංගම සේවාව සාර්ථකව අවසන්වේ

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.
05 Oct 2020