ලෝක ළමා දිනය හා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ
සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දක්‍ෂතා එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය අද (2020 ඔක්තෝබර් 01) අතිගරු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම කේන්ද්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.
01 Oct 2020
රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක්

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
01 Oct 2020
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී
පොපි සැමරුම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

2020 නොවැම්බර් මස 08 වන දිනට යෙදෙන සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලබන පොපි සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින් අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.
29 Sep 2020