වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති විසින් අරාලි තුඩුවේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දක්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 සැප්තැම්බර් 27 වන දින යාපනය අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් අභීතව සටන්වැද දිවි පිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ එවකට උතුරු නාවික විධානයේ ආඥාපතිව සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු විරෝධාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

28 Sep 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

28 Sep 2020

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.

28 Sep 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනය 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 25 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

26 Sep 2020

සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

25 Sep 2020

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අති ගරු ඩේවිඩ් හෝලි මහතා 2020 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමු විය.

25 Sep 2020

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් වූ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද (2020 සැප්තැම්බර් 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

24 Sep 2020

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.

23 Sep 2020

නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ උපදේශක පාඨමා‍ලාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ සාගරික අපරාධ සම්බන්ධ ගෝලීය වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්දයෙන් පවත්වනු ලබන උපදේශක පාඨමාලාවේ ආරම්භක උත්සවය 2020 සැප්තැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි .

23 Sep 2020

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හට ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

23 Sep 2020