වැදගත් සිදුවීම්

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

06 Oct 2021

ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) අද (2021 ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

05 Oct 2021

'JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (2021 ඔක්තෝබර් 04) බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.

04 Oct 2021

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කිරීම 2021 ඔක්තෝබර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

04 Oct 2021

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2021 ඔක්තෝබර් මස 01 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

04 Oct 2021

නිළ සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Oct 2021

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නාවික හමුදා සේවයට සමුදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2021 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී සිදුකෙරිණි.

01 Oct 2021

පහසුකම් පුළුල් කළ නව නාවික මැහුම් මධ්‍යස්ථානය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරේ

පුළුල් කරන ලද පහසුකම් සහිත නව නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 සැප්තැම්බර් 30) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරිණි.

30 Sep 2021

හතර වන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදිකළ රණවිරු ස්මාරකය නිරාවරණය කෙරේ

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ හතරවන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදි කරන ලද අභිනව රණවිරු ස්මාරකය අද (2021 සැප්තැම්බර් 30) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරිණි.

30 Sep 2021

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම මාර්ගගත ක්‍රමයට

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම අද (2021 සැප්තැම්බර් 29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.

29 Sep 2021