වැදගත් සිදුවීම්
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය
           ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2023 මාර්තු මස 03 සහ 04 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ස්ථාපනය කරනු ලබයි.
02 Mar 2023
‘INS Sukanya’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි
           2023 පෙබරවාරි මස 27 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 මාර්තු 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
02 Mar 2023
ශ්‍රී ලංකාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි
           නිල සංචාරයක් සඳහා 2023 පෙබරවාරි මස 25 වන දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) සිය සිව් දින (04) නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පාකිස්ථානය බලා පිටත් විය.
28 Feb 2023
නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් 13 දෙනෙකු විසිර යති
           නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ එම බලඇණියේ අටවන (08) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් නව දෙනෙකු (09) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රොහාන් දිසානායක ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන්, 2023 පෙබරවාරි මස 27 වන දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.
28 Feb 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
           ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
27 Feb 2023
නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන් ඉදිකල නව ජැටියක් මන්නාරමේදී විවෘත කෙරේ
           නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, උතුරු මැද නාවික විධානයේ මන්නාරම වෙඩිතලතිව් නාවික අනුඛණ්ඩයේ ඉදිකල නව ජැටිය අද දින (2023 පෙබරවාරි 26) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
26 Feb 2023
පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
           ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද දින (2023 පෙබරවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
25 Feb 2023
සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශිය ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී
           මෙරට සාගර කලාපයේ නීතීවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 23 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී පැවැත්විණි.
25 Feb 2023
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
           එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
25 Feb 2023
නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි
           ශ්‍රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
23 Feb 2023


