වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

13 Oct 2020

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ පිහිටි නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරි නිවාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2020 ඔක්තෝබර් 12) විවෘත කරන ලදි.

12 Oct 2020

රියර් අද්මිරාල් ලලිත් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනි

වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ලලිත් දිසානායක අද (2020 ඔක්තෝබර් 08) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

08 Oct 2020

උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 ඔක්තෝබර් 03 සහ 04 දෙදින තුල ක්‍රියාත්මක කෙරිණි.

08 Oct 2020

නාවික හමුදාව විසින් කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 ඔක්තෝබර් 07) මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට කටයුතු කෙරිණි.

07 Oct 2020

රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් අනුරාධපුරයේදී පවත්වන ලද ජංගම සේවාව සාර්ථකව අවසන්වේ

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.

05 Oct 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි ආයතනයේ 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.

03 Oct 2020

ලෝක ළමා දිනය හා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට හා අදට (2020 ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පවත්වන ලද උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

01 Oct 2020

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දක්‍ෂතා එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය අද (2020 ඔක්තෝබර් 01) අතිගරු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම කේන්ද්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

01 Oct 2020

රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක්

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

01 Oct 2020