වැදගත් සිදුවීම්
කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (අගෝස්තු 24) අළුයම සිදු කරන ලද සෝදිසි කිරිමකදී මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගන්නා ලදී.
24 Aug 2019
ශ්‍රීලංනානෞ සයුර සහ නන්දිමිත්‍ර නෞකාවන් පුහුණු සංචාරයක් සඳහා බංගලාදේශ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රිලංනානෞ සයුර සහ මිෂයිල ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර යන නෞකාවන් 2019 අගෝස්තු මස 22 වන දින පුහුණු වන නිලධාරින්ගේ පුහුණු සැසියකට සහභාගි විම සඳහා නාවික තඨාකාංගණයෙන් බංගලාදේශයේ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා යාත්‍රා කරන ලදි.
24 Aug 2019
පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එක්ව 2019 අගෝස්තු 21 වන දින යාපනය, අලියාවලෙයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.
23 Aug 2019
තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 22 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (2) නාවික හමුදා බාරයට ගෙන ඇත.
23 Aug 2019
පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (අගෝස්තු 22) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.
22 Aug 2019
කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කළ ජල මාර්ග ආශ්‍රීත මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදා දායකත්වය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිළ වශයෙන් ප්‍රධානය කිරිම අද (අගෝස්තු 22) දින කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්යේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේ දී සිදු විය.
22 Aug 2019
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1.460 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මුලතිව්,පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 22) අළුයම මුලතිව්,උප්පුකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.460 ක් සොයා ගෙන ඇත.
22 Aug 2019
තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පහලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 22) අළුයම ත්‍රිකුණාමලය, වලල්තෝට්ටම් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) නාවික හමුදා බාරයට ගෙන ඇත.
22 Aug 2019
බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ,මාලදිවයින සහ ශ්‍රීලංකා වෙරළාරක්ෂක නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් 2019 අගෝස්තු 19 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
22 Aug 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2019 අගෝස්තු 21වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Aug 2019