වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (ජුනි 13) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

13 Jun 2018

‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24 දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

13 Jun 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

13 Jun 2018

නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් හතරක් සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර, ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II, ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II සහ ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II නෞකාවන් ඊයේ (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී.

12 Jun 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා අද (ජුනි 12) වැඩ භාර ගන්නා ලදී.

12 Jun 2018

ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කඹ ඇදීමේ ක්‍රීඩා පිටියේ ඊයේ (ජුනි 11) පැවති 2018 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් විය.

12 Jun 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

12 Jun 2018

ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
 

2018 ජුනි මස 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජුනි මස 09 සහ 10 යන දෙදින තුල මාස් හෝල්ඩින්ග්ස් ආයතනය හා එක්ව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී.

11 Jun 2018

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය දිනවල හඳුන්වා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

11 Jun 2018

ජාතික මුආයිතායි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ ඇගැයුමට
 

ජාතික මුආයිතායි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Jun 2018