වැදගත් සිදුවීම්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දුන් ඉන්දික දිසානායක ඇතුළු පිරිස හරසරින් පිළිගැනේ
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමෙන් ලක් මවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (අප්‍රේල් 11) දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්නර්ජාතික ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි.

12 Apr 2018

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 11) මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමඟ ලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

12 Apr 2018

ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම අද (අප්‍රේල් 11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

11 Apr 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (අප්‍රේල් 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව භූමියේදී සිදු කෙරුණි.

11 Apr 2018

ගාල්ලේ ඇගළුම් ගබඩාවක ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ ඇගළුම් ගබඩාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම ඊයේ (අප්‍රේල් 10) සහාය දැක්වීය.

11 Apr 2018

නාවික හමුදාවේ 401 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය තිඹිරියාව ගම්මනායට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය අප්‍රේල් 07 වන දින නිමාවට පත් විය.

11 Apr 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 09) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

10 Apr 2018

රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 8 පේසාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Apr 2018

උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය 07 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

09 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

09 Apr 2018