වැදගත් සිදුවීම්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 18 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විය.

19 Dec 2015

වැලිසර නාවික කදවුරේ නව ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (18) විවෘත කෙරිණි.

19 Dec 2015

ධීවර බෝට්ටුවක් තුල සගවා තිබූ රත්‍රං කිලෝ 5 ක් නාවික හමුදාව විසින් සොයාගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීතිවිරෝධී ලෙස ධීවර බෝට්ටුවක් තුල සගවා ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පුද්ගලයෙකුද සමග අත්අඩංගුවට ගන්නා ලදී.

19 Dec 2015

නාවික නිවාස සංකීර්ණය ආරක්ෂක රාජ්‍ය ඇමති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුර තුළ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකීර්ණය අද (18) උදෑසන යෙදුනු සුභ මොහොතින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා විසින් විවෘත කෙරිණි.

18 Dec 2015

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් ඒමී සියරයිට් මහත්මිය අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Dec 2015

නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (18) විවෘත කෙරිණි.

18 Dec 2015

නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊයේ (17) පැවැත්වුණි.

18 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා අද (17) නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහාය ලබා දෙන ලදී.

17 Dec 2015

බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක, කපිතාන් ස්ටුවට් බෝර්ලන්ඩ් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Dec 2015

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි.

14 Dec 2015