මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජනවාරි මස 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් ගෙන් අනාවරණය වූ තොරතුරු මත, ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගත් අතර, එම බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් අද දින (2023 ජනවාරි 16) කොළඹ වරායට රැගෙන ඒමට ක‍ටයුතු කෙරිණි.

16 Jan 2023

නාවික හමුදාධිපති අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2023 ජනවාරි 13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

13 Jan 2023

‘Commandant’s Cup Sailing Regatta - 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 ජනවාරි මස 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රිකුණාමලය, ඇතුල් වරාය මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2023 ජනවාරි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී පැවැත්විණි.

12 Jan 2023

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

06 Jan 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

02 Jan 2023

නාවික හමුදාධිපති ගේ අළුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

නැවුම් අභිප්‍රායන් සමඟින් පා තබන 2023 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

01 Jan 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2022 ‍දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

29 Dec 2022

අභිනව නාවික හමුදාධිපති මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, අද දින (2022 දෙසැම්බර් 23) මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

24 Dec 2022

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 64 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

17 Dec 2022

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

14 Dec 2022