මෙහෙයුම් පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 13 වන දින සවස් කාලයේ යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Sep 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 06 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2023 සැප්තැම්බර් 13) අළුයම් කාලයේ ත්‍රිකුණාමලය සල්ලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Sep 2023

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2223 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය විසි තුනක (2223) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Sep 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 09, 10 සහ අද දින (2023 සැප්තැම්බර් 11) ත්‍රීකුණාමලය නිලාවේලි හා කින්නියා වෙරළ තීරයේ සහ යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Sep 2023

අගෝස්තු මාසය තුලදී පමණක් නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ ප්‍රමාණය කිලෝ 6230 ඉක්මවයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හය දහස් දෙසිය තිහ (6230) ඉක්මවා ඇති අතර, සැකකරුවන් නව දෙනෙක් (09) සහ ඩිංගි යාත්‍රා තුනක් (03) ද නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙ‍රිණි.

06 Sep 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, මදුරන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Sep 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හැටකට (660) අධික තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

04 Sep 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 01 වන දින රාත්‍රී කාලයේ යාපනය, කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Sep 2023

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් 05 ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05), යතුරු පැදියක් (01) සහ රුපියල් මිලියන පහළොවක (15) මුදලක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

31 Aug 2023