මෙහෙයුම් පුවත්
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1084 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අසූ හතරක (1084) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Oct 2024
විදේශීය දුම්වැටි 2020 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් කරුවලගස්වැවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
05 Oct 2024
විදේශීය දුම්වැටි 1500 ක් සමඟ පුද්ගලයන් 02 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් පන්සියක (1500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Oct 2024
විදේශීය දුම්වැටි 1400 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වරාය නගර පිවිසුම් දොරටුව අසළදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව 2024 ඔක්තෝබර් මස 02 වන දින කොළඹ වරාය නගරය අවට ප්‍රදේශය තුල සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හාරසියයක (1400) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
03 Oct 2024
විදේශීය දුම්වැටි 2200 ක් සමඟ සැකකරුවෙක් කැකිරාවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 සැප්තැම්බර් මස 30 වන දින කැකිරාව බලලුවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි දෙදහස් දෙසියක (2200) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
01 Oct 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින උදෑසන (2024 සැප්තැම්බර් 29) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Sep 2024
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 25 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි පස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 400 ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ දී 2024 සැප්තැම්බර් මස 25 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Sep 2024
කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත්ව මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය
කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට 2024 සැප්තැම්බර් මස 23 වන දින පිටත් කර හැරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.
24 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1318 කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින තුල සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය දහ අටයි ග්‍රෑම් විසි දෙකක (1318.22) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Sep 2024


