සේවා වනිතා ඒකකය මඟින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් ඊයේ (ජනවාරි 11) නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා කොළඹ, නාවික මහ රෝහල් සංකීර්ණයේදී විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

12 Jan 2018

නාවික පෙර පාසල් සඳහා 2018 වර්ෂයට නව දරු දැරියන් බඳවා ගැනේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙ‍ර පාසල් සඳහා 2018 වර්ෂය සඳහා නව දරු දැරියන් බඳවා ගැනීම පසුගිය ජනවාරි මස 10 වන දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

12 Jan 2018

සේවා වනිතා නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

මෙවර නත්තල් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා‍ වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද නත්තල් බැති ගී (Christmas Carol) ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 21 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

26 Dec 2017

ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලේ දරු දැරියන්ගේ 2017 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 07 වන දින බූස්ස ශ්‍රී ලංනානෞ නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

12 Dec 2017

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සාර්ථකව නිමාවේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය ඊයේ (දෙසැමිබර් 05) වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

06 Dec 2017

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස නාවික පෙර පාසලෙහි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සාර්ථකව නිමාවේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය දෙසැමිබර් 01 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

06 Dec 2017

සේවා වනිතාවෝ නව සභාපතිතුමිය පිළිගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද සන්ධ්‍යා රණසිංහ මැතිනිය පිළිගැනීමේ උත්සවය අද (නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

06 Nov 2017

සේවා වනිතා සභාපතිතුමිය වැඩ භාර ගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද සන්ධ්‍යා රණසිංහ මැතිනිය අද (නොවැම්බර් 05) සිය ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී. අද දිනට යෙදී තිබූ සුභ මොහොතින් නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී එතුමිය සිය වැඩ කටයුතු මෙලෙස නිල වශයෙන් ආරම්භ කෙරිණි.

05 Nov 2017

සේවා වනිතා විධායක කමිටු රැස්වීම කොළඹ දී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු රැස්වීම ඊයේ (ඔක්තෝබර් 24) සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිනිය‍ගේ ප්ර්ධානත්වයෙන් කොළඹ, නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී පැවැත්විණි.

25 Oct 2017

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නවීකරණයෙන් පසුව විවෘත කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි තිරුනි සින්නයියා මැතිනියගේ සංකල්පයකට හා මඟපෙන්වීම මත ආරම්භ කරන ලද රූපලාවන්‍ය පුහුණු වැඩමුළුවට සමගාමීව, සේවා ලාභීන් හට උසස් තත්ත්වයේ රූපලාවන්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින්, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නව උපකරණ වලින් යුක්තව නවීකරණයෙන් පසුව අද (ඔක්තෝබර් 23) ගරු සභාපතිතුමියගේ සුරතින් විවෘත කෙරිණි.

23 Oct 2017