වැදගත් සිදුවීම්

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල බස් නැවතුම්පලක් ජනතා අයිතියට පත් කරයි

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.

09 Jul 2019

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2019 ජුලි 08 වන දින සිදුකල මෙහෙයුමකින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

09 Jul 2019

මුහුදේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් (04) දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදේ සිදුකළ පරීක්‍ෂාවක් අතරතුර කේරළ ගංජා ලඟ තබාගෙන සිට පුද්ගලයින් සිව් දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් යාත්‍රාව අද (ජූලි 09) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

09 Jul 2019

4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන වැඩ භාර ගනී

නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක යාත්‍රා බළඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන අද (ජුලි 08) වැඩ භාර ගන්නා ලදී.

08 Jul 2019

නාවික හමුදාව විසින් කැළණිය, වනවාසල ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ඇල මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් එක් පියවරක් ලෙස අද (ජූලි 08) කැළණිය වනවාසල කොරල් දූව ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරන ලදී.

08 Jul 2019

ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ පී 625 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය.

08 Jul 2019

‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික පුජා උත්සවය පැවැත්වීමට නාවික හමුදාව සහය වේ

නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබාදේ.

07 Jul 2019

පතරොම් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව 2019 ජූලි 06 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී පතරොම් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවටගෙන ඇත.

07 Jul 2019

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2019/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය 2019 ජූලි 05 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බඝණ මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

06 Jul 2019

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ජූලි 06) එම දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

06 Jul 2019