වැදගත් සිදුවීම්

බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු(01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Dec 2019

කේරළ ගංජා ගෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින පල්ලිවාසල්පාඩු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

23 Dec 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

23 Dec 2019

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ගේ ශ්‍රීලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකානු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් 2019 දෙසැම්බර් 22 වන දින පස්වරුවේ දවයිනෙන් පිටත්ව යන ලදි.

23 Dec 2019

අටවන ලද ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 12 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 22 ) උදැසන තාල්පාඩු සහ වංකාලේ අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

22 Dec 2019

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වනවිට දිවයින පුරා පහත පරිදි අනුයුක්ත කර ඇත.

22 Dec 2019

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනකට සහාභාගි වෙයි

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද ( 2019 දෙසැම්බර් 22 ) අළුයම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමග ත්‍රිකුණාමලය, සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.

22 Dec 2019

නීති විරෝධී ලෙස වැලි පැටවූ පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, රාකුලි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.

22 Dec 2019

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පහත නාවික විධානයන් මගින් අනුයුක්ත කර ඇත.

22 Dec 2019

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී.

22 Dec 2019