වැදගත් සිදුවීම්

මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

20 Mar 2020

නාවික හමුදාව විසින් කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය විෂබීජ හරණය කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් අද (2020 මාර්තු 19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

19 Mar 2020

‘නව කොරෝනා’ වෛරසය මැඩලීමට ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels ) සමාගම වෙතින් නාවික හමුදාව වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

මේ දින වල පැතිරී යන ‘කොවිඩ් - 19’ වසංගත තත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මග පෙන්වීම යටතේ නාවික හමුදා ශ්‍රමයෙන්, විශේෂඥ දැනුමෙන් හා සම්පත් උපයෝගී කරගනිමින් තම සෘජු දායත්වය සපයමින් සිටී

19 Mar 2020

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 18 වන දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

19 Mar 2020

හෙරෝයින් ලග තබාගෙන සිටි පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 මාර්තු 18 වන දින පේසාලෙ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

19 Mar 2020

තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

19 Mar 2020

මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 19) කොළඹ, මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

19 Mar 2020

දේශීය ගිණි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 මාර්තු 18) පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

18 Mar 2020

බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 17 වන දින මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍ර‍‍දේශයේ සිදු කරන ලද ‍මෙහෙයුමකදී බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

18 Mar 2020

වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සදහා මුල්ගල තබයි .

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ සංකල්පයකට අනුව වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය සදහා මුල්ගල තැබිම අද (2020 මාර්තු 18) සුභ මොහොතින් සිදු කරනු ලැබීය.

18 Mar 2020