වැදගත් සිදුවීම්

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

12 May 2020

මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 28 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 28 දෙනෙකු අද (2020 මැයි 12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

12 May 2020

නාවික මහ රෝහල‍ වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලද පුද්ගලයින් වෙනුවෙන් මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල් වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් පත්වන අපහසුතාවය සැළකිල්ලට ගෙන එම මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල මගින් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් සකස් කරන ලදි.

12 May 2020

නාවික හමුදාව විසින් ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක් කරයි

කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (2020 මැයි 11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

11 May 2020

පුහුණු පාඨමාළා සඳහා ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු ඉන්දියානු යුධ නෞකාවක් මගින් ශ්‍රී ලංකාවට.

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි 11) කටයුතු කරන ලදි.

11 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (2020 මැයි 11) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

11 May 2020

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

11 May 2020

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 10 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

11 May 2020

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 මැයි 10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

10 May 2020

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, අගලිය පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල, අගලිය පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 මැයි 09 වන දින කටයුතු කරන ලදී.

10 May 2020