වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Jan 2020

බීමත්ව අනවස‍රයෙන් නාවික කඳවුරකට ඇතුල්වීමට උත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට

මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කඳවුරක් වෙත අනවසරෙන් ඇතුල්වීමට උත්සාහ කල බීමත් පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

06 Jan 2020

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 04 වන දින ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන පුදගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

04 Jan 2020

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මත කරයි

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජනවාරි 04) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.

04 Jan 2020

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදා සහ යාපනය, සිගින් ෆිෂ් කණ්ඩායම අතර තරඟයක් 2020 ජනවාරි 04 වන දින කැලණිය, එක්සත් පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී සිගින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1 ට 0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

04 Jan 2020

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට නාවික හමුදා දායකත්වය - කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 04) යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

04 Jan 2020

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදාවට ජයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 03 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 - 14 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

04 Jan 2020

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 03 වන දින කදිරවේලි, තෝපූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

04 Jan 2020

නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 03 වන දින වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

04 Jan 2020

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 ජනවාරි 03 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

04 Jan 2020