‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ

පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
22 Sep 2020
ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහ (5) සහ ප්‍රථම වරට නායකනැවි තරාතිරමේ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 සැප්තැම්බර් 21) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.
21 Sep 2020
“අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති තුමන් සහභාගී වෙයි.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 සැප්තැම්බර් 19) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
19 Sep 2020
කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි
බෝ නොවන රෝගයන්ගෙන් නාවික හමුදා පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පුහුණු වැඩමුළුවක්
ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි (M Ashraf Haidari) නාවික හමුදාධිපති හමුවෙයි
නැගෙනහිර නාවික විධාන අඥාපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ නෞකාවන් නිරීක්‍ෂණය සඳහා එක්වෙයි

නැගෙනහිර නාවික විධාන ආඥාපති විසින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ (ICGS Sujay) සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ (ICGS Samudra Paheredar) නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ත්‍රිකුණාමලයේදී හමුවී ‘එම්ටී නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.
16 Sep 2020