වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල 2021 ජුලි මස 07 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

07 Jul 2021

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවිකයින් හට නාවික හමුදාධිපති ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 28 වන බඳවා ගැනීමට අයත් නාවිකයින් 43 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජූලි 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

07 Jul 2021

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනය තුලදි (2021 ජූලි 06) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මරියා මහා විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කෙරිණි.

06 Jul 2021

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

05 Jul 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–21) සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.

01 Jul 2021

නාවික හමුදා සේවා වනිතා එළවළු සහ පළතුරු අලෙවි සැල ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් 2021 ජුනි මස 28 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

28 Jun 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසයේ (CARAT–21) මුහුදු අදියර ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

28 Jun 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ධනපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර ධනපාල සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

27 Jun 2021

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) අද (2021 ජුනි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

25 Jun 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය (CARAT–21) ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සමාරම්භක අවස්ථාව ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) අද (2021 ජුනි 24) පැවැත්වුණු අතර, මෙම නාවික අභ්‍යාසයේ සැළසුම්ගත අධියරයන් 2021 ජුනි 30 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී පවැත්වීමට නියමිතය.

24 Jun 2021