වැදගත් සිදුවීම්

නාවික හමුදා දායකත්වයෙන් ඉදිවන ගම්පහ වැරැල්ලවත්ත ‍කෝවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අධියර විවෘත කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම නාවික හමුදාව විසින් ආරම්භ කරන ලද අතර, 2021 ජූනි මස 07 වන දින මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 650කින් යුත් පළමු අධියර සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

08 Jun 2021

නාලන්දා විද්‍යාලීය 85 වසර ආදි ශිෂ්‍ය සංගමයෙන් බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් කොළඹ නාලන්දා විද්‍යාලීය 1985 වසර ආදි ශිෂ්‍ය සංගමය මගින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත පරිත්‍යාග කිරීම 2021 ජුනි 03 වන දින දකුණු නාවික විධාන මුලස්ථානයේ දි සිදු කෙරිණි.

04 Jun 2021

නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී නික්ම යාමට නියමිත කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) අද (2021 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

03 Jun 2021

සේවා වනිතා ඒකකය මඟින් නැගෙනහිර නාවික විධානයේ ‘ලේ දන්දීමේ පිංකමක්’

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි 2021 මැයි 24 වන දින සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව නැගෙනහිර නාවික විධානයෙහි පවත් වන ලද ලේ දන්දිමේ වැඩසටහන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනයේ සේවා වනිතා පෙර පාසල් පරිශ්‍රයේ දි අද (2021 මැයි 30) පැවැත්වීමට කටයුතු කෙරිණි.

30 May 2021

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

30 May 2021

නාගදීප පුරාණ රජමහ විහාරයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කෙරේ

නාගදීප පුරාණ රජමහ විහාරයේ අභනවයෙන් නිර්මාණය වන සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරිම අද (2021 මැයි 26) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

26 May 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙතෙක් සිදුකළ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන සියළුම නාවික විධාන අවරණය වන පරිදි පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 24) සියලුම නාවික විධාන ආවරණය වන පරිදි පැවැත්වුණු අතර, නාවික හමුදා මූලස්ථානයේ පැවැත්වූ ලේ දන්දීමේ අවස්ථාව නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

24 May 2021

නාවික හමුදාව මගින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි ජනපද රැක ගැනීම උදෙසා ලොව පුරා මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් මැයි 20 දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇති අතර, නාවික හමුදාව විසින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ පවත්වාගෙන යනු ලබන මී මැසි පාලන ව්‍යාපෘතියෙහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරීම ලෝක මීමැසි දිනයට සමඟාමීව 2021 මැයි මස 20 වන දින සිදු කෙ‍රිණි

21 May 2021

නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

12 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි 19 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වුණු අතර, ඊට අමතරව නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් නාවික විධානයන්හි සංවිධානය කර තිබුණි.

21 May 2021

බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපානන්ගේ මූලිකත්වයෙන් 2021 මැයි මස 19 වන දින සිදු කෙරිණි.

20 May 2021