වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන්, විනෝදා ජයමහ මැතිණිය ඇතුළු පවුලේ ඥතින්ගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 08 වන දින තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී ගරු චන්දන පෙරේරා පියතුමාගේ මෙහෙය විමෙන් විශේෂ දේව මෙහෙයක් පවත්වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගීවිය.
09 Aug 2022
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ නව ජල මානක ප්‍රධානී වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද (2022 අගෝස්තු 05) දින වැඩ භාර ගන්නා ලදී.
06 Aug 2022
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 478 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජූලි මස 30 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
31 Jul 2022
යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙවරත් නාවික හමුදාව අවශ්‍ය කටයුතු කරමින් සිටී.
31 Jul 2022
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තිලක් සිගේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් තිලක් සිගේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 28) දින විශ්‍රාම යන ලදී.
28 Jul 2022
දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 25) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
26 Jul 2022
නාවික හමුදා දායකත්වයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 24 වන දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
25 Jul 2022
නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
25 Jul 2022
උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ප්‍රදානය කිරීම ISO 45001:2018 (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION) 2022 ජූලි මස 21 වන දින කරෛයිනගර්හි ෆෝට් හැමන්හිල් හෝටල් පරිශ්‍රයේදි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය ගේ සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
24 Jul 2022
ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් අද (2022 ජුලි 23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් අභිමානවත්ව පැවැත්වුණු අතර, එහිදී මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා උපහාර පුද කරන ලදි.
23 Jul 2022