වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 238 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 238 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 22 වන දින ත්‍රිකුණාමලය, සාම්පූර් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
23 Oct 2022
‘Trinco Dialogue - 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
23 Oct 2022
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 21) දින විශ්‍රාම යන ලදී.
21 Oct 2022
නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව භාර දීම 2022 ඔක්තෝබර් මස 19 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
20 Oct 2022
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්ආර් සමරතුංග විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2022 ඔක්තෝබර් 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
19 Oct 2022
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 19) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
19 Oct 2022
ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායනය සඳහා නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විසින්, මොල්ලිපොතාන ප්‍රාථමික රෝහලේදී පසුගිය 2022 සැප්තැම්බර් මස 15, 24 සහ ඔක්තෝබර් මස 15 දිනයන්හි පවත්වන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායන සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.
18 Oct 2022
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සමාරම්භක උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය සමාරම්භක උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ ප්‍රථම සභාපති, ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
15 Oct 2022
පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 12 වන දින උදෑසන පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය, ෂෝබිනී ගුණසේකර මහත්මිය සහභාගී වන ලදි.
13 Oct 2022
ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
13 Oct 2022