වැදගත් සිදුවීම්
නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි

පසුගිය 2021 වර්ෂයේ පැවති ‘Best Web 2021’ තරඟාවලියේ සම්මාන ප්‍රදානය, 2022 ජනවාරි මස 26 වන දින LK Domain Registry ආයතනයේදී පැවැත්වුණු අතර, එම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් තේරී පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘www.navy.lk’ නිල වෙබ් අඩවියට ප්‍රධානය කළ සම්මාන, නාවික හමුදාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2022 පෙබරවාරි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
09 Feb 2022
මන්නාරම ප්‍රදේශය සහ එහි ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

මන්නාරම ප්‍රදේශය, එහි ජෛව විවිධත්වය සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින් 2022 පෙබරවාරී 05 වන දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනයේදී පවත්වන ලදී.
08 Feb 2022
නැගෙනහිර නාවික විධානය මඟින් සේරුවාවිල මංගල රජමහා විහාරයේදී කංචුක පූජාවක් පවත්වයි

නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා සංවිධානය කරන ලද කංචුක පූජා පිංකමක් 2022 පෙබරවාරි මස 05 වන දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේදී පැවැත්විණි.
08 Feb 2022
අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභ්‍යාග්‍යමත් මව්බිමක්”යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (2022 පෙබරවාරි 04) මධ්‍යහන 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2022
74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (2022 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 74 වන නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2022
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඩිඩික් කුර්නිආවන් (Commodore Didik Kurniawan) අද (2022 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
03 Feb 2022
තුර්කි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තුර්කි ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්කයා (Col. Can Gokcen GOKKAYA) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
02 Feb 2022
නයිජීරියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
02 Feb 2022
Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු වෙත නාවික හමුදාවෙන් ප්‍රතිකාර

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතික කාන්තාවක් හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගී කාන්තාව සුවය ලබා 2022 ජනවාරි මස 29 වන දින පිටව යන ලදි.
30 Jan 2022
මාතෘ භූමියට ආශිර්වාද පතා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජය පිරිත සඡ්ඣායනය කරයි

මාතෘ භූමියට, සියළුම රට වැසියන්ට, මියගිය හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් හට සහ පවත්නා වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් 2022 ජනවාරි 26 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජය පිරිත් සජ්ඣායනාව පවත්වන ලද අතර, එම පුණ්‍ය මහෝත්සවය අද (2022 ජනවාරි 27) උදෑසන මහා සංඝරත්නය උදෙසා පිරිනමන ලද දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව නිමාවට පත්විය.
27 Jan 2022