වැදගත් සිදුවීම්

කින්නියා කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී ‍යාත්‍රා සේවාවක්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවාසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක් 2021 නෙවැම්බර් 25 වන දින සිට ආරම්භ කෙරිණි .

26 Nov 2021

71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන දේව මෙහෙය 2021 නොවැම්බර් 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සහයක රදගුරු, ආචාර්ය ඇන්ටන් රන්ජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

24 Nov 2021

එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් නාවික හමුදා ජල මානක ප්‍රධානී හමුවෙයි

එක්සත් රාජධානියේ ජලමානක කාර්යා‍ලයේ (United Kingdom Hydrographic Office - UKHO) මැදපෙරදිග සහ අප්‍රිකාවේ හවුල්කාරිත්ව හා සබඳතා ප්‍රධානී ටිමොති විලියම් ලුවිස් මහතාගේ (Timothy William Lewis) ප්‍රධානත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් 2021 නොවැම්බර් 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න හමුවිය.

23 Nov 2021

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් (Holger Seubert) මහතා අද (2021 නොවැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

23 Nov 2021

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාගේ උතුරේ දූපත් සංචාරය සඳහා නාවික හමුදා සහය

උතුරු පළාත් නව අණ්ඩුකාරවරයා ලෙස පත් වීම් ලැබූ ගරු ජීවන් ත්‍යාගරාජා මැතිතුමා 2021 නොවැම්බර් මස 20 දින උතුරේ දූපත් සංචාරයක නිරත වු අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් පහසුකම් සැළසීමට කටයුතු කෙරිණි.

23 Nov 2021

සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කෙරේ

අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන ලද සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 18 වන ඉල් පුන් පොහෝ දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

19 Nov 2021

යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක කර්නල් වොලොඩයිමර් බකායි (Volodymyr Bakai) අද (2021 නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

16 Nov 2021

‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම - 2021’ විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම 2021’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2021 නොවැම්බර් මස 14) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

14 Nov 2021

71 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් අනුරපුර පුදබිමේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2021 නොවැම්බර් මස 11 සහ අද (2021 නොවැම්බර් මස 12) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

12 Nov 2021

අභිනව ජාතික ආරක්ෂක විද්‍යාතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ‍

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කළ ජාතික ආරක්‍ෂක විද්‍යාතනය (National Defence College – NDC) විවෘත කිරීම අද (2021 නොවැම්බර් මස 11) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

11 Nov 2021