වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 16 වන දින යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
17 Jul 2020
නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 15 වන දින ත්‍රිකුණාමලය, වලල්තොට්ටම් මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
16 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ගරු ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
16 Jul 2020
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 13 සහ 14 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
15 Jul 2020
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු 2020 ජුලි මස 13 සහ 14 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
15 Jul 2020
කපිතාන්, සංජීව කත්‍රිආරච්චි ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව කත්‍රිආරච්චි අද (2020 ජූලි 15) දින වැඩ භාර ගන්නා ලදී.
15 Jul 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 899ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 14 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
15 Jul 2020
අභිනව නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.
15 Jul 2020
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි.
15 Jul 2020
අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් පියල්ද සිල්වා අද (2020 ජුලි 15) දින විශ්‍රාම යන ලදි.
15 Jul 2020