වැදගත් සිදුවීම්

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චිත්‍රානි ගුණරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

21 Feb 2021

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 19 වන දින බත්තරමුල්ල, සුහුරුපායෙහි පැවති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

20 Feb 2021

නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය විසින් පවත්වනු ලැබූ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම් සහ වැඩිදියුණු කරන ලද පුපුරණද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාළාව 2021 පෙබරවාරි 19 වන දින ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් විය.

20 Feb 2021

ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 20 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 69 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 පෙබරවාරි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

18 Feb 2021

ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව පකිස්තානයේ පැවති “අමාන් - 2021” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගී වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් (AMAN 2021) සාගරික අභ්‍යාසය 2021 පෙබරවාරි මස 12 වන දින පකිස්තානයේ කරච්චිහි නාවික තටාකංණයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී විය.

18 Feb 2021

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමෙන් පසු, අද (2021 පෙබරවාරි 16) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

16 Feb 2021

රියර් අද්මිරාල් ඩීකේපී දසනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩීකේපී දසනායක අද (2021 පෙබරවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

16 Feb 2021

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 පෙබරවාරි 15) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

15 Feb 2021

වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න අද (2021 පෙබරවාරි 15) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

15 Feb 2021

දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ කටයුතු සදහා නාවික හමුදාව මගින් රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක්

දීඝවාපී චෛත්‍යයේ ප්‍රථිසංස්කරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 12) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සම්බෝධී විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එහිදී දීඝවාපී චෛත්‍යයරාජයානන් ප්‍රතිසංස්කරණය කර සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව මගින් පරිත්‍යාග කෙරෙන රුපියල් මිලියන පහක් (05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත ලබාදෙන ලදි.

12 Feb 2021