වැදගත් සිදුවීම්
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ත්‍රිකුණාමලය, නෝර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
25 Jul 2019
ඇමරිකානු මැරීන් බලකා නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති හමුවිය

එක්සත් ජනපද ශාන්තිකර කලාප මැරීන් බළකා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්‍ෂක උපදේශක කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූලි 24 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ජයන්ත කුලරත්න හමුවිය.
25 Jul 2019
පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා මෙරටට පැමිණ සිටි පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
25 Jul 2019
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් කතරගමදී විවෘත කෙරේ

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරයට අයත් කතරගම ප්‍රදේශයේ පිහිටි ‘ගංගාරාම විශ්‍රාම ශාලාව’ පරිශ්‍රයේදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.
25 Jul 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 24) නාවික හමුදා බාරයට ගන්නා ලදී.
24 Jul 2019
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ඉරනතිවු දූපතේ සිදු කළ වැටලීමකිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Jul 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව 2019 ජූලි 23 සහ 24 යන දෙදින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය.
24 Jul 2019
බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 24) අළුයම පේසාලේ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Jul 2019
දික්ඕවිට සහ නොරොච්චොලේදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 24 වන දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හී සිදු කළ සෝදිසි කිරීම්වලදි මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Jul 2019
නික්ම යාමට නියමිත ජපාන ආරක්‍ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද (ජූලි 24) බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමු විය.
24 Jul 2019