මෙහෙයුම් පුවත්

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් විපතටපත් 29 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර හා ගලවා ගැනීම් ඒකකයට අයත් කණ්ඩායම් ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 16ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරට කොටු වි අවධානම් තත්ත්වයේ සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනෙක් 2021 ජුනි 04 දින මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කෙරිණි.

05 Jun 2021

අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල්පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අද (2021 ජුනි 04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

04 Jun 2021

නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ගොඩබිමට රැගෙන ඒම සදහා ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුර’ යොමු කිරිමෙන් අනතුරුව අද (2021 ජුනි 04) දින උදෑසන 1130 පමණ විට එම රෝගියා නෞකාව තුලට ගෙන ප්‍රථමාධාර දීම ආරම්භ කෙරිණි.

04 Jun 2021

ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාවේ විමර්ෂණ කටයුතු සදහා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදි ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරටපත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් ශ්‍රි ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍රාරක්‍ෂා’ නෞකාව මගින් රැගෙන යාමට අද (2021 ජුනි 04) කටයුතු කෙරිණි.

04 Jun 2021

ගං වතුරෙන් විපතටපත් ජනතාවට නාවික හමුදාවෙන් කඩිනම් සහන

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

04 Jun 2021

ගංවතුර අවදානමට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දින වල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානමට මුහුණ දීම සඳහා දකුණු පාළාතේ සහ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් 05ක් ස්ථානගත කිරීමට අද (2021 ජුනි 03) නාවික හමුදාව කටයුතු කෙරිණි.

03 Jun 2021

තවත් වියලි කහ සහ ලොකු ළූණු බීජ ජාවාරමක්, සැකකරුවන් 06ක් සමග නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් හලාවත වට්ටක්කල්ලිය කළපු ප්‍රදේශයේ 2021 ජුනි 02 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලොකු ළූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 පමණ තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

03 Jun 2021

ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අද (2021 ජුනි 02) නාවික හමුදාව කටයුතු කෙරිණි.

02 Jun 2021

ගිනි ගැනීම‍ට ලක් වූ MV X-PRESS PEARL නෞකාවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනයට නාවික හමුදාවේ සහය

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය මගින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් පර්යේෂණ නෞකාවක් වන ‘සමුද්‍රිකා’ (RV SAMUDRIKA) නෞකාව MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනය කිරීම සඳහා 2021 ජුනි 01 වන දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ මුහුදු ජල සාම්පල ලබා ගැනීම සිදු කෙරිණි.

02 Jun 2021

රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 02) අළුයම සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jun 2021