සියළු පුවත්
ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ පිරිසිඳු කිරිමේ වැඩ සටහනක් නාවික හමුදාව විසින් සිදුකරයි.
2019 ජුනි 05 වන දිනට යෙදි ඇති ලෝක පරිසර දිනයට සමගාමීව අද (ජූනි 05) දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව ගාල්ල කොටුව අවට වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි....
2019-06-05
ඇමරිකානු නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධාන ආඥාපති හමුවිය
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූනි 04 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය....
2019-06-05
නාවික හමුදාව තහනම් ධීවර දැල් 239 ක් සොයා ගැනේ
නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනී 04 වන දින මහරුප් නගර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල් 239 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-05
වෙළඳ නෞකාවක රෝගීව සිටි පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි.
“කේප් වයලට්” නැමැති වෙළඳ නෞකාවේ සිටි උදරාබාදයකින් පීඩාවට පත් රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජූනි 04) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-06-04
නාවික හමුදාව විසින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගනී
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව අද (ජූනි 04) අළුයම ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක් සොයාගැනීමට සමත්ව ඇත. ...
2019-06-04
මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව සොයාගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 04) අළුයම මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් සොයාගෙන ඇත....
2019-06-04
හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-03
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අද (ජූනි 03) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2019-06-03
මන්නාරම ප්‍රදේශයේ ලී මෝලක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 526 ක් සොයා ගැනිමට නාවික හමුදා සහය
නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනි 03 අළුයම මන්නාරම, පෙරියගාමන් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලී මෝලක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 526 ක් සොයාගෙන ඇත....
2019-06-03
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 02) කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-02
ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් කුච්චවේලි පොලීස් නිලධාරීන් සමඟ සම්බන්ධ වී එරක්කන්ඩි ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-02
තලෙයි මන්නාරම් මුහුදෙන් බීඩී කොළ කිලෝග්‍රෑම් 451 ක් සහ දුම්කුඩු කුප්පි 5300 ක් නාවික හමුදාව සොයාගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් 2019 ජූනි 01 රාත්‍රි කාලයේ තලෙයි මන්නාරම් මුහුදෙන් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 451 සහ මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන දුම්කුඩු කුප්පි 5300 ක් සොයාගනී....
2019-06-02
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 ක් නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් විසින් සිදු කළ මුර සංචාරයන් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-06-02
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 වන දින පූනෑව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-02
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 04 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-06-02


