වැදගත් සිදුවීම්

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ නිලධාරීන් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් මස 12 වන දින උත්සවාකාරයෙන් පැවැත්විය.

12 Sep 2015

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 21ක්

ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සියයක් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

11 Sep 2015

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියර නිමාවට පත්වෙයි

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියරෙහි සමාප්ති උළෙල, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ පිටියේ දී සැප්තැම්බර් මස 09 වන දින පැවැත්විය.

09 Sep 2015

නාවික හමුදාධිපතිතුමා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 සැප්තැම්බර් මස 06 වන දින ත්‍රිකුණාමළයේ පිහිටි වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත විය.

09 Sep 2015

නාවික හමුදාධිපති නව ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (09) නව පත්වීම් ලද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.

09 Sep 2015

අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2015

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2015 අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය සැප්තැම්බර් මස 08 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ ව්‍යායාම් ශාලාවේදී පැවැත්විණි.

09 Sep 2015

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියානු වෙරළාරක්ෂක බලකා දූත පිරිසේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර කලාපය භාර ආඥාපති, ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සත්‍ය ප්‍රකාශ් ශර්මා මහතා අද (08) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

08 Sep 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විදුලි කාර්මික නාවිකයකු වශයෙන් රාජකාරී කළ ආර්එම්එන්සීකේ රත්නායක යන නාවිකයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

08 Sep 2015

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයෙහි සිය පළමු නිල සංචාරයේ නිරත වෙයි

විසිවන නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්‍රිකුණාමළය මූලස්ථානය කොටගත් නැගෙනහිර නාවික විධානයේ සිය ප්‍රථම නිල චාරිකා වාරයෙහි නිරත විය.

06 Sep 2015

“මහානාග” ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය ගිණිකොන නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් විවෘත කෙරිණි.

04 Sep 2015