වැදගත් සිදුවීම්

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 19ක්
 

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 2015 දෙවන අදියර යටතේ නිවාස 19ක් නාවික හමුදා රණ විරුවන්ට හිමි විය.

08 Jan 2016

65 වන නාවික දින සැමරුමේ අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන අද (7) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණයක් වශයෙන් පැවැත්විණි.

07 Jan 2016

නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය සිවිල් ක්‍රීඩකයින් සඳහා විවෘත කෙරේ
 

පසුගිය 18 වන දින නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ජනවාරි මස 01 වන දින සිට සිවිල් ක්‍රීඩකයින් හටද ක්‍රීඩා කළ හැකිවන පරිදි පහසුකම් සලසා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

07 Jan 2016

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 
 

නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ තිළිණ මල්ල වාර්ෂික දිනුම් ඇදීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.

07 Jan 2016

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

06 Jan 2016

නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ සිව්වන අදියර, අද (05) නාවික හමුදා මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

05 Jan 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් සහ ඩෙල්ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jan 2016

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

02 Jan 2016

දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2016 වර්ෂයේ වැඩකටයුතු සුභ නැකතින් ආරම්භ කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2016

මුතුරාජවෙල තෙල් කාන්දුවීම වැළැක්වීමට නාවික හමුදාව සහාය වෙයි
 

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) උදෑසන සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

01 Jan 2016