නාවික හමුදා මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සයුරළ නෞකාව එක් වෙයි

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පෙබරවාරි 16 වන දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය වෙත සේනදු වන ලදී. ඒ අනුව, පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ වන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සයුරළ නෞකාව එක් වන ලදී.
20 Feb 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මසුන් තොගය ඩිංගි යාත්‍රාව තුළ දමා සැකකරුවන් පළාගොස් ඇති බවට සැක කෙරේ.
20 Feb 2019