වැදගත් සිදුවීම්

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට පත්වේ.

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව 2022 ජුනි මස 16 වන දින සාර්ථකව නිමාවට පත්විය.

17 Jun 2022

නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව 30 වන සංවත්සරය සමරයි

එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමීව එහි ශ්‍රී ලංකා ශාඛාව 2022 වර්ෂයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලබයි. එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ආයතනයන්හි සාමාජිකයින්ගේ හැකියාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ ඇති එකම සාගරික ආයතනය වේ.

16 Jun 2022

නාවික හමුදාධිපති ගරු අග්‍රාමාත්‍ය තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 ජුනි 15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය.

15 Jun 2022

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිල් සමාදන්වීමේ වැඩසටහනක් සංවිධානය කරයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට වැඩම කරවීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව සිල් සමාදන්වීමේ වැඩසටහනක් 2022 ජුනි මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුනු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

15 Jun 2022

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 13 වන දින උදැසන කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී දේවාස්ථානයේ දී පැවති අතර, ඒ සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලදි.

13 Jun 2022

පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවේ

ගුවන් කොමදෝරු අක්ථාර් ඉම්රාන් සදෝසායි (Air Commodore Akhtar Saddozai) ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් අද (2022 ජුනි 07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

07 Jun 2022

යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වේ

යූරෝපා සංගම‍යේ, පුළුල් ඉන්දීය සාගර කලාපයේ අවධානම් සහගත මුහුදු ගමන් මාර්ග සම්බන්ධ ව්‍යාපෘතියේ දෙවන අධියර (Critical Maritime Route Wider Indian Ocean – CRIMARIO II) යටතේ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරුකර ගැනීමේ වැඩසටහන (Indo-Pacific Regional Information Sharing - IORIS) මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් රාජකාරී සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්ගේ ශඛ්‍යතා වර්ධනය කිරීමේ දින 05ක පුහුණු වැඩසටහනක්, නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධානයන් නියෝජනය කරමින් මෙහෙයුම් රාජකාරි සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 06 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ විය.

07 Jun 2022

අභිනව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (2022 ජූනි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

06 Jun 2022

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජුනි 05) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

05 Jun 2022

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය. එහිදී රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා (HMAS Canberra) නෞකාවේ කාර්ය මණ්ඩලය හා එක්වන ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම සති දෙකක හුරුවීම් අභ්‍යාස කාලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වෙන RIMPAC 2022 සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිතය.

04 Jun 2022