වැදගත් සිදුවීම්

නාවික හමුදා දායකත්වයෙන් ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පුල්මුඩේ රෝහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකල තවත් සමාජ සත්කාරයක් ලෙස, ඇස් පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් 125 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින පුල්මුඩේ මුලික රෝහලේදී පැවැත්විණි.

12 Sep 2022

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

12 Sep 2022

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2022 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

10 Sep 2022

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම පාඨමාලාවේ නිලධාරීන් සඳහා නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 1 යටතේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 සැප්තැම්බර් මස 08 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

10 Sep 2022

හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම සහ ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Sep 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 334 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 සැප්තැම්බර් මස 06 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

07 Sep 2022

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දින සැමරුම 2022 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

06 Sep 2022

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වේ

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනය (Institute for Security Governance - ISG) මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවිශ්ඨයක් ගොඩනැගීම අරමුණු කරගත් පස් දින වැඩමුළුවක් 2022 සැප්තැම්බර් 05 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ කෙරිණි.

06 Sep 2022

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිදුකල නවීකරණ කටයුතු වලින් පසු, ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා 2022 සැප්තැම්බර් මස 03 වන දින ගමන් ඇරඹීය.

05 Sep 2022

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය 2022 සැප්තැම්බර් 01 වන දින පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.

03 Sep 2022