වැදගත් සිදුවීම්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

20 Jul 2023

වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු චන්දිම සිල්වා වැඩ භාර ගනියි

නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු චන්දිම සිල්වා 2023 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

20 Jul 2023

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2023 ජුලි මස 18 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

19 Jul 2023

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ ගරු අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් යටතේ, වැලිසර නාවික හමුදා මහ රෝහල ඇතුළු රජයේ රෝහල් වෙත රෝහල් උපකරණ සංකේතාත්මකව බෙදාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 17 වන දින වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

18 Jul 2023

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා සහභාගී වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය (Malima Diving Club - Trincomalee) නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ගරු ජුලී චන්ග් මහත්මිය (H.E. Juli Chung) 2023 ජුලි මස 15 වන දින සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

17 Jul 2023

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

15 Jul 2023

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

15 Jul 2023

වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින බහුකාර්යය උත්සව ශාලා‍වේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින්, වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙන නවීන පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුලි මස 14 වන දින වැලිසර නාවික පරිශ්‍රයේදී සිදු කෙරිණි.

15 Jul 2023

අභිනව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, අද දින (2023 ජූලි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

13 Jul 2023

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන Vinod Kurain Jacob මහතා අද දින (2023 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

12 Jul 2023