වැදගත් සිදුවීම්

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්‍ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 ජුලි මස 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

23 Jul 2022

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lieutenant Colonel Travis Cox) හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී අද (2022 ජුලි 19) පැවැත්වූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Jul 2022

නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි දසවන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) දසවන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද (2021 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.

15 Jul 2022

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

12 Jul 2022

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත්වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත අද (2022 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

12 Jul 2022

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත් කෙරුණු රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අද (2022 ජූලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

12 Jul 2022

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2022 ජුලි 11) වැඩ භාර ගන්නා ලදි.

11 Jul 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සිය වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 09) දින විශ්‍රාම යන ලදී.

09 Jul 2022

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටාන්යා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) අද (2022 ජූලි මස 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

08 Jul 2022

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ගකු ෆුකෞරා (Captain Gaku FUKAURA) අද (2022 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

07 Jul 2022