වැදගත් සිදුවීම්
රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය. එහිදී රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා (HMAS Canberra) නෞකාවේ කාර්ය මණ්ඩලය හා එක්වන ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම සති දෙකක හුරුවීම් අභ්‍යාස කාලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වෙන RIMPAC 2022 සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිතය.
04 Jun 2022
නාවික හමුදාව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සහ ගලේවෙල, ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2022 ජුනි මස 02 වන දින සහ අද (2022 ජුනි 03) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
03 Jun 2022
නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 30 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය 2022 මැයි මස 26 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
28 May 2022
සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය, ‘කළු පරවියෝ’ නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

පසුගිය මානුෂිය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටි පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801, එල්ටීටීඊ ග්‍රහණයේ සිටියදී ලද අත්දැක්ම් සහ ගතකළ දුෂ්කර කාලපරිච්ඡේදය අලලා රචිත ‘කළු පරවියෝ’ ග්‍රන්ථය 2022 මැයි මස 26 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලද අතර, එහි පිටපතක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගැන්වීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
27 May 2022
මන්නාරම වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2022 මැයි මස 20 හා 21 දින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
25 May 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 67 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 May 2022
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ පුහුණු බලඝණයට අයත් ‘KASHIMA’ සහ ‘SHIMAKAZE’ යන යුද නෞකා ද්විත්වය එම නිල සංචාරය නිමා කරමින් අද (2022 මැයි 21) දිවයිනෙන් පිටත්ව යන ලදී.
21 May 2022
නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
20 May 2022
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අද (2022 මැයි 20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
20 May 2022
ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2022 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2022 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
19 May 2022